Tuesday, August 24, 2010

නුඹේ ලගින් ඉන්න ආසයි




සඳ පායා අහසට එන
හිරු සැගවෙන වේලාවට
නුඹේ කුටියට එන්න‍ට
ම‍ට අවසර ඇත්නම්

හමන සුළං පොදක් ලෙසින්
සිතල දිය දහර ලෙසින්
නුබේ හිතේ දුක් ගින්දර
නිවන්න ආසයි

උරහිස මත හිස තියලා
ආදර බස් මුමුණාලා
උකුල් තලේ හිස තියාන නිදන්න ආසයි


හිමින් සැරේ නුඹේ තුරුලේ
ආදරයට තුරුලු වේලා
නුඹේ සෙනෙහස හැමදාමත් විදින්න ආසයි
සංසාරේම නුඹේ සේනේහස විදින්න ආසයි.

0 comments:

Post a Comment