Saturday, August 28, 2010

අහිමි නුඹ‍ට‍ පෙම් කරන සිත



අහිමි බව දැනෙන විට
දුරක සිර කර මසිත
සගවන්න වෙර දරන්නම්
ඔබේ මතකය සිතින්

නොහිමි ජිවිත සුවද
දැනෙනු වෙනුවට සිතට
යලි යලිත් ලය මතට
තුරුලු වන්නේ කිමද?

සේනේහසේ සුගන්ධය
සිත් මත්තේ පිපෙන විට
මිලින මල් සුවදකින්
තෙත් කලේ කිමද නෙත

නුඹේ රෑව දැසින්ම දකින හැම වාරයක්ම
ලය පුරා සුසුම් ලා අස්වාසා ගන්නෙම්ද

ජිවිතය පුරාව‍ට අහිමි ඔබ
මතු ජාතිත් එන භවයෙත්
මගේ වන්න‍ට පාරමී පුරන්නද?

අහිමි ඔබ දකින විට සිතට දුක දැනුනාට
අහිමි බව දැන දැනත් නුඹ‍ට පෙම් කරන්නද?

1 comments:

මෝඩයා said...

අහිමි ඔබ දකින විට සිතට දුක දැනුනාට
අහිමි බව දැන දැනත් නුඹ‍ට පෙම් කරන්නද?...thats the real question....:(

Post a Comment