Friday, August 27, 2010

දුන්න දුක ම‍ට මදි තමයි



මහා සයුරට වඩා ඔබ ගැන
මහ අහස‍ට වඩා ඔබ ගැන
කප්පරක් මම පෙරුම් පිරුවට
දුන්න දුක ම‍ට මදි තමයි



ඔබේ තනිය‍ට ලගින් උන්න‍ට
දුකක් නොදි ආදරේ කෙරුව‍ට
දෙනෙත් පරදා ඔබව රුක්කට
මේ කදුලැලි නම් මදි තමයි



මගේ යැයි කිසි දෙයක් නොසිතා
ආත්ම ගනනක් එකට ආ නියා
හැම දාමත් ඔබ දරා ගත්තට
දුන්න දඩුවම් මදි තමයි

2 comments:

Shadow/හේමලයා said...

ආදරය නම් පරිත්‍යාගය....

පිස්සා පලාමල්ල said...

ආදරය ගාවම ඉන්න කෙනෙක් නේ ඔය දුක... ඔය දුක නොවිදපු කෙනෙක් ඉනවද සැකයි... ලස්සනයි නිර්මානය

Post a Comment