Wednesday, August 25, 2010

අනේ මං ආදරේයි නුඹ‍ට



ඔබ ඇත ගියදා
නිම් තෙරක් නොපෙනෙන
මහ මෙරක් වන් හැගුම්
සිත් අහසේ
හිරකරන්
නුඹ මා හැර ගිය මග
කදුලු සයුරක අතරමං වි
සිටියදි

ලංවුවත් තවකෙන් හදවත‍ට
යම් දිනක
සැනසුමක් නැත දිවියට
කදුලක් නැගෙන්න‍ට
නොදුන්නද ඉඩ

එහෙත් මගේ හිත ලග
ඔහු නොව සදාකල්
ලැගුම් ගෙන නිදන්නේ
මා දාමා ඈත ගිය ඔබමය

3 comments:

මෝඩයා said...

සඳ මිදුනු දා තරු වැල් සහසක් පිපුනද.....:(

ඉලංදාරියා said...

හරියල පලමු ආදරේ වගේ ..නේද,,?

intox said...

කදිමයී, දුකම කවියක් නොවෙද?

Post a Comment