Monday, August 16, 2010

ඔබ මගේ ලගින් සිටියා



සඳ වතුරින් දිය දොතක්
ඔබ ගෙන ඇවිත් ම‍ට දුන්නා
එ දෝතේ ජයාවෙන්
මම ඔබේ දෙනුවන් දුටුවා

මල් ‍පෙත්තක පැහැය අරන්
ඔබ දේදුන්නක් මැවුවා
එ මල් දේදුන්න මැදින්
මම ඔබේ හසකැන් දුටුවා

හිමිදිරි ලොව පින්න ලගින්
බටිච්චෙක් ඉගිල ගියා
ඒ අත්තටු වල  සිසිලෙන්
ඔබේ පහස ම‍ට දැනුනා

පාර දෙපස ඉද්ද මලෙන්
මල් මල් ගෙත්තමක් වෙලා
ඒ මල් මැද මගේ ලගින්
ඔබ සිටියා ව‍ගේ දැනුනා

6 comments:

මෝඩයා said...

ඔබ මගේ ලඟින් ඉන්නවනම්.....

Pasan said...

සද එළියෙන් දිය දොතක්
නුඹේ ලගින් මා තියලා
හිනෙහෙන නුඹ නීල නුවන්
පැහැ​යෙන් මං වශී උනා

සිනිදු සේල මල පෙත්තක්
නුඹෙ වත යැයි මං සිතලා
එහි සුවදට ඇදිල ගිහින්
මං මල ලග නතර උනා..

ලස්සනයි පද පෙල.... :D

පබලු said...

ලස්සනයි පද පේලි.......
සිතුවිලි අස්සෙන් රිංගා
සමනල තටුවක නැංගා
ඔය හිත්මල මගේ හින්දා
නුබේ ඇස්අග මම උන්නා....

ඉලංදාරියා said...

හරිම ලසනයි..

සංජීවනි පීරිස් said...

මං හැමදාම ඔබේ ලග

buddhika said...

සංජීවනීගෙ ඇස් දෙක බලන්න ඕන නම් මේකට ලොග් වෙන්න
http://www.sinhala-buddhika.tk

Post a Comment