Saturday, August 14, 2010

ඇවිත් යනු මැන රත්තරං


රත්තරං ඔබ දුර ගිහින් අද
මගේ මුලු ලොවම  පාලුවෙන්
හීනයෙන් වත් ඇවිත් යනවද
හීදිමී හද පිරි ශෝකයෙන්

ඇත ලස්සන පාට දේදුනු
ඔබේ මතකය කියනවා
රෝස මල් පෙති දෙපැති හිනැහි
ඔබ ගැනම ම‍ට කියනවා

ආදරෙන් අත්වැල් බැදන්ගිය
සොදුරු මංමාවත් දි‍ගේ
කදුළු බිදුවක් පමණි නෙතු අග
මගේ දෙනෙතට හිමි වුනේ

එදා ලස්සන ඔබේ දෙනුවන්
කොයි කොහෙද අද සැගවුනේ
පාලුවයි තනිකමයි විතරයි
මේදා තනියට ලංවුනේ

හිනයෙන් වත් ඇවිත් යනවා
නේද මගේ සුදු රත්තරං
ජිවිතේ ජිවිත් කරන්නට
ඇවිත් යනු මැන රත්තරං

1 comments:

Shadow/හේමලයා said...

අමතක කරනට අමතක වී.....තවමත් ඔය රුවමයි හදවත පාමුළ....

Post a Comment