Friday, August 13, 2010

අතිතය සිහිනයක් පමණද?


නුඹේන් සමු අරන්ම‍ට
හුදකලා වෙන්න බැ
හැමදාම ම‍ටම හිමි
සේනෙහස‍ට ලියු කවි
හුරු පුරුදු කවි හිතත්
බෝහෝ දුර ගිහින් අද
මුලු ලොවට පෙනෙන්න‍ට
මගේ නෙත් හිනැහුනත්
සිනා පිරුණු දෙනෙතට
කදුලු ඉනුවේ ඔබ නිසයි
බැලු බැලු අත නුඹෙ මතකය
සිත පාරා හිනැහෙන හැටි
නුඹ‍ට නොපෙනෙන
ම‍‍ට පෙනෙන එ
අතිතය සිහිනයක් පමණද?

6 comments:

මෝඩයා said...

නපුරු සිහිනයක්.....

buddhika said...

අතීතය සිහිනයක් පමණයි..
සැබෑ සුවදක් නෑ...
එදා සෙනෙහෙන් නොබැදුනා
නම් මෙදා වියොවක් නෑ

buddhika said...

අද මගෙ උපන් දිනේලු.......

අගෝස්තුවේ අද වගේම දවස
විළිරුදාවේ මගේ අම්මා
මං එනකන් අඩනවාලු
අහසින් වැටුනත් මගෙ අම්මා
අම්මගෙ අහසම
මං නේදෝ
මං ටික ටික ලොකු මහත් කරන්
ඇයගෙම හීනය මං නේදෝ
කතරේ තනියට මිරිගුව සේ
අදටත් මං ලග ඇය නේදෝ..

buddhika said...

අද මගෙ උපන් දිනේලු.......

සසරේ ඇස් දෙක තනියට ආ දා
මගෙ ඇස් ඒ ඇස් වලට ගුලිවෙලා
සන්තෝසේ ඉහ වහා ගිහින්
වසර පුරා මා ඉපදෙනවා

ආදරෙ කරනා ඇස් හති වැටිලා
එයාගෙ ඇස් හරි සුදේ සුදු
කියාගන්න බෑ මගෙ ආදරයත්
වසර පුරා මා මියයනවා

අනේ පුංචි ඇස් කවුදෝ අරගෙන
ඉවසන්නේ මං කෙලසකදෝ
මගේ පුංචි ඇස් මගෙන් වෙන් කලා
ඒ දුක වින්දේ මං නේදෝ

තුන්සිය හැටපස් දවස පුරා
මැරිමැරි උපදින ඉපිදී මියයන
හැම දවසම මගෙ උපන් දිනේ....
හැම දවසම මා මැරුනු දිනේ....

කියන්න සබඳේ සිතිවිලි සයුරෙන්
උපන්දිනේ අද වෙන්නේදෝ?
මගෙ උපන්දිනේ අද වෙන්නේදෝ???????

සංජීවනි පීරිස් said...

ඔයාට සුභම සුභ උපන්දිනයක්

dinesh said...

අතීතයට පිය නගනු බැරි....
ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී......

Post a Comment