Wednesday, July 28, 2010

සුළග නිමවිය

එන්න මාත් එක්ක
හිනාවෙන්න
ඇගිලි තුඩග අල්ලාගෙන
මා දෑස‍ට එබි ඉන්න
මං ආදරේයි
එකම වරක් ම‍ට කියන්න......
සෙමින් එන්න
සුළං රොදක සගවාලා
මා දිවියම අරන් යන්න....
ඕබේ සෙනෙහස මෙහි සතපා
සුවද දෙන්න සැගවිලා.....
සෙමීන් එන්න
මගේ කුමරු මහද වෙත‍ට
අරන් එන්න.....
සුළග වගේ ලග‍ට එන්න
ඔච්චම් කහ හිනාවෙන්න........
සෙමින් එන්න
පාද ගිගිරි සලන්නෙපා
රුහැයියනේ හඩන්නෙපා
අනේ මගේ පුංචි කුමරු
සුර ලෝකේ සිටින්නී
දැස පියා හඩන්නී
නිසංසලේ නිදන්නී.......
සෙමින් එන්න
පා නෙතබා අදුර මැදින්
සුළග වගේ ලග‍ට එන්න
මගේ හීන පුංචි මැදුර
කදුලු වලින් පුරවාලා
සුළග වගේ ඇදි යන්න..........

1 comments:

buddhika said...

සත්තයි
එන්නම්
සුළගක් නොවේ
ටොනේඩෝවක් වෙලා
අදුරට බිලිවෙන
කැකුළ සතපවන්න
උගන්වන්නම් තෙළිතුඩක් වෙලා
රාගයෙන් නලියන
තොල් පත් වල
හෝඩි පොත් කරන්නම්
එලිවෙනකම් උණුහුමට ගුලි වෙලා
මදියි නොකියන්න
කැකුළ තලන්නම්
කිතුලෙ රහ මෙර
සොය සොයා
ආදරෙයි නම් දරාගනු කිම
දැවෙයි සියොළග හඬ හඬා
වෙන්න බෑ මට ඔබේ ලැම මත
මීවිතේ සුළගින් වෙළා
මිදිය නොහැකිව
ඉන්න මා ලග
නුරා ටොනේඩෝවක් වෙලා

Post a Comment