Tuesday, July 27, 2010

අපි තාමත් එතන


ඉර බැහැල ගිහිල්ලා හඳ අහස‍ට එද්දි
මොන තරම් දේවල් හිතේ මැවෙනවාද?
නුඹයි මායි කදු පාර දිගේ ඇත ඉදන් ‍එනකොට
මිදුම් සලු තුලින් තරු පොකුරු වසා ගනිද්දි
ඒ හැම සිතුවමක්ම
නුඹ මගේ හිතේ ඇන්දා
මම විටෙක නුඹේ හිතේ ඇන්දා
ඒ සිත්තම් එකින් එක එකින් එක
මතකයේ වැලි තලාවන් මතින් වැසි ගිහින්
හමාගෙන යන මහ සුළගින්
ඒ වැළිතලාවන් ගහගෙන ගිහින්
එ මතකය අවධිවෙද්දි
නුඹ‍ටයි ම‍ටයි යලිත් එක වතාවක්
එකම එක වතාවක්
එ අතිතෙ‍ට යන්න පුලුවන්නම්
සත්තයි
අපි තාමත් එතනම‍යි.........

2 comments:

buddhika said...

ඇස් දෙකම මත් වෙලා
එහෙට මෙහෙට වැනෙනවා
ආල ඇස් නුරා වෙන්
කෝල වී බලනවා
සිතිවිලිත් දාන්ගලේ
ගුරුතුමිය බනිනවා
Botany පොත රුවාගෙන
මං ඇයගෙ ලෝකයේ ආල ඇස් අදිනවා

මං හරි විශේෂයි
හරි ආඩම්බරයි
කවදාවත්ම නෑ අලාභෙට ආලෙ කලේ
මං හරි ආලවන්තයි
ඊටත් වඩා හැගුම්බරයි
ඒකමයි මයෙ ඇස්
ඔයා ලගම උකස් කලේ

ඔබත් විශේෂයි
නිවුන්නු හින්දයි.
අක්කයි නංගියි ගමන එකටමයි.
දෑගිලි බැදගෙන යුවතිපති වාගෙමයි
දොඩන්න බැරිවෙන්න
ඒකත් එක හේතුවයි.

නාඹරිගෙ ලොකයේ වෙන කවුද ඉන්නවා
යාලුවෙක් ඇවිත් රහසක්ව කියනවා
වෙන කවුද ඉන්නවාලු ???
ඒත්
මං දිහාම බලනවා
98 පශ්න පත්තරේ
තාමත් මං ලියනවා..
උත්තරේ හොයනවා..

හන්ගාගත් ආදරේ..ඇස් වලට සිමා වෙලා
Botany පොත ඇතුලෙ
මගෙ ආදරේ හිරවෙලා
හිනාවක් කතාවක් නැති
කුලුදුල් ආදරේ
ඇස් වලට සීමා වෙලා


පාසැලට සමුදී ආල ඇස් හොය හොයා
හංදිගානේ ගුරු පාරවල් වල
ඉබා ගාතේ රස්තියාදුවේ
ඇසුයි හදවතයි ගෙවිලම ගියා
ඔබ සොයා ..
හද ඉරිතැලී වල් වැදී මියගියා
හදවත අමු සොහොනකි දැන්
කිසිවෙකුත් නොඑන
නොබලන
වද මල් හිනැහෙන
කදුලු මල් වස්සන.

මොරටුව නොවේ facebook ජාලයයි
ගහට ගහක් මුනගස්සන
උනූනුන්ව හඩවන
ඒ හින්දමයි
වාසගම් නින්දගම් යොදා
මුලකුරු අගකුරු යොදා
ඔබව සොයා දිවා රෑ
පිරික්සුම් කලේ

අහෝ ....

ඔබ වෙනකෙකු අතදරා
මට ඔච්ච්ම් කරයි.
මගෙ ඇස් වලට
මගෙ සෙනෙහයට
මටම
ඔච්චම් කරයි.
ඉදින් මා මලත් කම් නැත
මගෙ හද තුලම මට
සැතපිය හැක.
මට යලි යලිත් සිහිවේ...


ඇස් දෙකම මත් වෙලා
එහෙට මෙහෙට වැනෙනවා
ආල ඇස් නුරා වෙන්
කෝල වී බලනවා
සිතිවිලිත් දාන්ගලේ
ගුරුතුමිය බනිනවා
බොට්නි පොත රුවාගෙන
මං ඇයගෙ ලොකයෙ ආල ඇස් අදිනවා..

හිතට මගෙ මගක් නැති.
යන්නට තරම් වාරුවකුත් නැති.
පෙනෙනතෙක් මානෙකුත් නැති.
ඔබට මා අඩමානෙකුත් නැති?
සංසාරෙන් සන්සාරෙට
පෙම්වතුන් වෙන්නට
පාරමි පුරන්නෙක් නොවෙමි මං

වරක් දෙවරක් නොව සිය දහස් වර
මැරි මැරී යලි මැරී
මා ඉපිද
සන්සාරේ පව ගෙවූ දින
උත්තරීතර ඔබේ කුස තුල
මා උපද්දා
සෙනෙහෙ දියෙන්
මා නහවනු මැණ.

buddhika said...

ඇස් දෙකක් නෙමේ.
ඔබේ නෙත්
තරු ගොන්නක්..
ඒකමයි අවුරුදු 12 ක් පීර පීරා හෙව්වෙ..

ආදරේ බොරුවක් නෙවේ..
මිරිගුවක්
එකමයි තනිවෙන්න හිතුවෙ....

ඔයා හීනයක් නෙමේ...
වළාවක්
ඒකමයි
වැස්සක් වෙලා සේදිලා ගියේ

Post a Comment