Tuesday, August 17, 2010

මං නුඹ‍ට දෙන්නම්



සුසම් රල රුලි ගැටෙන වෙරළේ
පහන් ටැඹ ලෙස ලගින් ඉන්නම්
නැගෙන සුසුමන් මහද සගවා
සිනා පොකුරක් නුඹ‍ට දෙන්නම්

ලොවේ ගැරහුම් සැඩ කිරන මැද
වන වදුලක් ලෙස පලුපත් බර
නැගෙන දාහෙන් මහද තවලා
සහන් සිසිලස නුඹ‍ට දෙන්නම්

කදුලු වැස්සක් වැටෙන මොහො‍තේ
නවාතැන් පොල ලෙස‍ට ඉන්නම්
කදුලු වැස්සෙන් මහද නවා
මල් වැස්සක් නුඹ‍ට දෙන්නම්


5 comments:

වැප් said...

අපූරුයි

මෝඩයා said...

නුඹ වෙනුවෙන්...nice post yaar.....:)

ඉලංදාරියා said...

ලසනයි ..

ජය ඔබට

මම said...

ඔක්කොම දිලා උඹ මොනවද ඉල්ලන්නෙ?

Anonymous said...

ආලය සමවෙයි පරිත්‍යාගයට..

Post a Comment