Friday, July 30, 2010

ඇයි නුඹ වෙනස් වුනේ


නුඹ අහස වගේ
මොහොතින් මෙහොත
වෙනස් වන,
හිතුවත් ‍කොහොම කොයි ලෙස
එ අහස සිපගන්න
පුලුවන් මගේ සිතිවිලි
වල‍ට විතරනේ,
නුඹ සුලග වගේ
දුවගෙන ඇවිත් 
මොහොතක් නෙඉද
ආපසු දුවන
එ සුළග එක්ක,
හාද වෙන්න පුලුවන්
ප්‍රර්ථනාවක් වුනා නුඹ
කවදාවත් ඉටු නොවන
හිනයක් වුනා නුඹ,
කවදාවත් සැබැ නොවන
වන බඹරුන් මුලා කරන
සමනලයින් අතර මං කරන
සුවදවත් මල් කුලකයක
නුඹ මලක් වෙලා පිපුනේ
මට අත්තටු ලැබේන්නත් පෙර
ඉතිං...........
මං දන්නවා හොද‍ටම
නුඹ ම‍ට අයිති නැති වග
එත් ආදරය කරන්න තියෙන
අයිතිය උදුර‍ගන්න
එපා මගෙන්.
..............

3 comments:

buddhika said...

සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්
සොයා නෙත ගම් දන්ව් පීරා
සෙවූ කාලය සිහිනයක්

buddhika said...

කඳුලු මිලි ලීටරයක් ක්
හදවතේ රුවා
ආදරයේ උනුහුමින්
ජ්වලනය කොට
දරාගත නොහැකි
පීඩනයේදී
සෙනෙහස් බිදුවකින්
මන්දනය කොට
හැන්දෑ වරුවක
පාට සොයන්න
වර්ණය තද රතු ලේ
පාට වගේ නම්

හැබෑ ආදරේ ඒක නේන්නම්
හැබෑ ආදරේ ඒක නේන්නම්

buddhika said...

මං නීල ගුවන
මේඝ වළාවන් පහකොට
නුඹේ කැලුම්
ආළෝකයෙන් තෙත් කල.
ඕන වුනා හිරුට ඔබව භාර දී සතපවන්න

මං ක්ෂිජ කොනේ හිද
හිනැහුනා ඔබ දෙසට නෙත් හෙලා
මන්ද මා තරම්
ඔබට ආල කෙරූ අයෙක්
විශ්වයේම නොමැති නිසා

මං සුලඟ
නිමේශයෙන් පලා ගියා
ඔබේ සිතිවිලි සිසිල් කර
ඕන වුනා දුහුවිල්ලක් පිසලන්න

ඹබරෙක් මං
ලගින් ඉදන්
මල් නොතලා පුසුබ ලබා
රොන් නොගෙනම ඉගිල ගියා මං
ඕන වුනා මල පිපෙන හැටි බලා හිනැහෙන්න.

ඒකයි මගෙ ආදරේ.
ඔබට කිසිදා වැටහෙන්නැති.
සුවඳවත් මගෙ තනි ආදරේ...............

Post a Comment