වැස්ස වෙලා නුඹ වැටුනත්
මගේ මුදු මල් පෙති මත්තට
හිනාවෙලා සිප ගන්නම්
රිදුනත් පෙති තද වැස්සට
සුලග වී නුඹ හැමුවත්
මගෙ ආදර මල් උයනට
ආදරයෙන් පිළිගන්නම්
යනමුත් නුඹ නොනැවතිම
කදුලක් වී නුඹ ආවත්
වියලුණු නෙත් අතරතුරට
නොසලා රදවා ගන්නම්
සිනා නැෙග් නම් නුඹ වත
මගේ නමට ගොලු වී නුඹ
වැහුවත් හඳ කවුලුව අද
දුක නෑ සබදේ මා ලග
සුරැකෙයි ඔබ මතකයක්ව
සේරම තරැ ඔබ නෙලන්න
තරැවේ එලිය මට තියන්න
එ එලියෙන් අකුරැ ඇහිද
ඔබ ගැන කවියක් ලියන්න
මුලු අහසම ඔබම ගන්න
පුංචි ඉඩක් මට තියන්න
මගේ සිතේ ඇදි ඔබේ රැව
අහසේ සිත්තම් කරන්න
සේරම මල් ඔබ නෙලන්න
ගසේ සෙවන මට තියන්න
ඒ සේවනේ කල්ප ගණන්
ඔබ එනතුරැ බලන් ඉන්න..........
1 comments:
"ඔබ එනතුරැ බලන් ඉන්න"...ඉතාම හැඟුම්බර පද පෙළක්.......
Post a Comment