Monday, September 6, 2010

නුඹ දුර ගිහින්



හමා එන මහා පාලු සුළගක්
කුටිය වෙත හිමින් ගලයි
හි‍තේ මතුවන කදුළු මතකය
දෙනෙත් කොනකින්
බිමට වැටෙයි
ළගින් ලං වි එදා අප වුන්
මතක සැමරුම් බෝමයි
 සිනා වෙන්නනේ කේලෙස දෝ මා
කියා දෙනවද නුඹ ඉතින්

පාළුව තනිකම හදට ලං කර
ඇත දුරකට ගියා නුඹ අද
සැගව ඉන්නේ කොහොමදෝ මා
 නුඹ‍ට බැදි පෙම සිතේ සගවා
 පෙරුම් පිරුවා පැතුම් පැතුවා
නුඹ ලග‍ට වි එදා මෙන්
 කියන් සඳ නුඹ නොමැති ලෝකෙක
එ පැතුම් අද වැළලි ගොසින්

නුඹ සොයන්න‍ට
සිත පවසන මුත්
නුඹ දුරයි
නුඹ දුර ගිහින්
කදුළු දිය කර තනිව හඩමී මම
නුඹ‍ට සිහිකර ආදරේන්

1 comments:

ප්‍රාර්ථනා said...

මම ඔයාගෙ නිසදැස් කීපයක්ම කියෙවුවා.හැම එකකම ලියැවිලා තිබුනේ ලස්සන අතීතයක දුක්බර මතක සටහන්ද මංදා.
සංජීවනී,
අතීතය එලෙසම තියාගෙන පැහැබර අනාගතයකට "ප්‍රාර්ථනා" ගොඩනඟන්න.අපි ඔයා ළඟින්මයි.

Post a Comment