Friday, September 24, 2010

නුඹ නොදන්නා මුත්


ඔබ දන්නේ නැති තරමට
සිතා ගන්න බැරි තරම‍ට
සත්තකින්ම තවමත් මම
ඔබ‍ට ආදරේයි

දැක ගන්නට නොලැබුනා‍ට
ලං වෙන්න‍ට නොලැබුනාට
නෑ මියෙන්නේ මේ සිත
නුඹ‍ට ආදරේයි

සමුගන්නට ඕනේම නම්
මා තනිකර නුඹ යා නම්
දුක ඉවසාගෙන ඔබ හ‍ට අවසර දෙන්නම්

සිතන්න‍ටත් පතන්න‍ටත්
ඔබ පමණක් සිටින නමුදු
මගේ කදුලින් ඔබ හට
මම
ආසිරි පතන්නම්

1 comments:

ප්‍රාර්ථනා said...

එහෙනම්...මේ තත්වේ ඉන්නේ මම,මගේ යාළුවා විතරක් නෙවේ..හ්?
සංජීවනී,
ඔයා ඔය විදින වේදනාවත් අමුතුම මිහිරක්...
මේ දැන් මට "පුතා" එහෙම කිවුවා.ඉතින් සතුටින් ඉන්න.

Post a Comment