ලියන්නට හැකිද මට
තවත් නුඹ ගැන යමක්
අදත් නුඹ මා අසල
නොමැති කම මහ දුකක්
අපායක් මිස දිවිය
නොවේ මට සුර පුරක්
නුඹ නොලැබි යතොත්
දිවිය මට දග ගෙයක්
සිර කරන්නෙමී සිත යටම
නුඹ ගැන මැවු පැතුම් පොදි
කුමට නුඹ නොමැති නම්
නුඹ ඉතිරි කල යමක්
ගෙවෙනු මිස ජිවිතය
ගෙවන බව නොහැගේය
කුමට තව ජිවිතය
ළුල නොවේ නුඹ නැතිව
1 comments:
වටිනා මුලු දිවිය ගෑනියෙකුට යටකරගෙන මොකක්ද ඔබ මේ නටන නාඩගම...අවබෝධ කරගන්න තනන්න වටිනා මිනිස් ආත්මයකින් කල හැකි අටෝරාසියක් වැඩ ගැන.....
Post a Comment