Wednesday, September 8, 2010

අපේ ලංවීම


මළ හිරු බැස යන සැන්දැවේ
පාලුව තනිකම මකා දමා ඔබ
මා ළගටම වී උන්නා

සීතල සුළගේ පහසට නතු නොවු මා
ඔබගේ දෙතොලේ පහස‍ට නතු වුවා
සීතළ සුළගත් නොබලා අප දෙස
පැතුවා අප හ‍ට ආශිර්වාදේ

සැමදා එක් වි පියවර යන්න‍ට
නොමැකෙන ගීයක් සේ ඔබ ම‍ට
ලගින්ම සිටියා සෙවනැල්ල සේ ඔබ
ලංවී ඇත අද නුඹ හා මා

නොමැත මේතරම් සතු‍‍ටක් දැනි මා හ‍ට
අද දින මා  මේ විදින තරම්



සැරිසරන ලෝකයේ
සෙවනැල්ල වන්න නුඹ
ඇවිද යන මේ සංස‍ාරයේ
ආදර හසරුල්ල වන්න නුඹ
ඇසිපිය හෙලන හැම මොහොතක් පවා
ඡයාව  වී මැවෙන්න නුඹ

දකින සිහිනෙක සදා
රුදෙන්න මා  අසලින්ම
මගේ සෙනෙහස නුඹේ තම‍‍ා




0 comments:

Post a Comment