උරහිසේ හිස හොවා
ඔබ කියු වදන් වැල්
ඇසේනවා වගේ මගේ
සවන් පත් අද්දරින්
සීනා මල් අතුරවා
තුරුලටම වී හදින්
එදා ඔබ මට පිදුව
ආදරය කොහි ගිහින්
ලියු නමුත් බෝහෝ දේ
නුඹ නමට සෙනෙහසින්
බලන්නට ඔබ නොමැත
එදා මෙන් මා ලගින්
ඔබේ හඳ පමණක් තුරුලු කර ආදරෙන්
ඉතින් සමුගනිමී මා
අහිමි ඔබේ ලෝකයෙන්
0 comments:
Post a Comment