ආසාවෙන් තුරුලු කරන්
විරාමයට ඉඩ හරින්න
පුංචි ඔබේ මුණ දිහා
පොඩ්ඩක් මට බලා ඉන්න
හිතේ තියෙන ආදරේ මගේ
ඔයාට රහසින්
කියන්න
පසු පස මා ගමන් කරල
ආවේමී සහනයක් ගන්න
කියුවත් හිත රිදේනා දේ
සැනකින් අමතක කරන්න
නුඹයි මගේ ජිවිතේ බව
ඔය මතකේ තියා ගන්න
සේවනැල්ලක් සේ
ඇවිදින්
ඕනැ නුඹේ තනි මකන්න
ඉඩදෙනවාද හැමදාමත්
ඔය හිත ලග නතර වෙන්න
0 comments:
Post a Comment