ඔබ ඇත ගියදා
නිම් තෙරක් නොපෙනෙන
මහ මෙරක් වන් හැගුම්
සිත් අහසේ
හිරකරන්
නුඹ මා හැර ගිය මග
කදුලු සයුරක අතරමං වි
සිටියදි
ලංවුවත් තවකෙන් හදවතට
යම් දිනක
සැනසුමක් නැත දිවියට
කදුලක් නැගෙන්නට
නොදුන්නද ඉඩ
එහෙත් මගේ හිත ලග
ඔහු නොව සදාකල්
ලැගුම් ගෙන නිදන්නේ
මා දාමා ඈත ගිය ඔබමය
3 comments:
සඳ මිදුනු දා තරු වැල් සහසක් පිපුනද.....:(
හරියල පලමු ආදරේ වගේ ..නේද,,?
කදිමයී, දුකම කවියක් නොවෙද?
Post a Comment