සසර ගමනේ නිමේෂයක
අප නෙත් හමු වු වරදට
ඔබ දැසින් සෙනේහස දුටු විට
මා රුවටුනු වරදට
සෙනේහස ගැන ඔබේන් අසා
මසිත රවටාගත් වරදට
වන්දී ගෙවමී කදුලු වලින්
ඔබට සේනේහෙ පැ වරදට
කලුදුල් පෙම නුඹට පුදා
නුඹ සත්‍යයි සිතු වරදට
නුඹ මුවගින් ගැලු වදන්
සැනෙකින් පිළිගත් වරදට
මිතුරන් තෙපලු එවදන්
ඉවත හෙලා දැමු වරදට
හද ඉකි බිද බිද වැලපෙයි
නුඹ මට බොරු කල වරදට
........................
1 comments:
මගේ කතාවමද මන්ද ලියලා තියෙන්නේ....අනර්ඝයි....දිගටම ලියන්න
Post a Comment