නැළවිම සේම ඇඩවිම කළෙත්
නුඹමයි
සැනසිම සේම රිදවිම කළෙත්
නුඹමයි
ළංවිම සේම හැරයාම කළෙත්
නුඹමයි
මේ සැම දේම විඳ දරා ගත්තේ
මමමයි.
සංසාර සුවඳ දැනුණා ද ඇසුවේ
නුඹමයි
පින්සාර මුවින් නුඹ මගෙයි කීවේ
නුඹමයි
සංසාර බැදුම බිද දමා ගියෙත්
නුඹමයි
පවුකාර කමට හැමදාම වෙනනෙ
මෙහෙමයි
උණුසුමට ගුළිව සෙනෙහසක් සෙව්වේ
නුඹමයි
උණුසුමට මත්ව තනිවුණේ මගේ
සිතමයි
තනි රකින්න ගිය තනිවුණේ මගේ
පෙමමයි
විඳගන්න ගිහින් විඳවන්න වුණේ
මටමයි..........
2 comments:
මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි.....
(කියවද්දි මතක් උනා)
කල්යාණි වුයෙත් ඔබමැයි
සංසාරෙ වුනෙත් ඔබමැයි
සේද වළා හැන්දෑවෙ
පෙරුම් කාරිය දැන් කොහිදැයි
මහොඝයත් ඔබමැයි
සංතුශ්ටියත් ඔබමැයි
පවනෙ රැදුනු සිසිලස දැන් කොහිදැයි
පෙම්වතියක් වූවැයි
පාදපරිචාරිකාවක් නොවුනැයි
හිමිවෙන්න ගිහින් සමුදෙන්න උනෙත් මටමැයි
Post a Comment