දුර ඇත අහස් ගැබ දිදුලන
සුපුන් සද වගෙයි ඔබ මට
ලංවෙන්න නොහැකි බව කියද්දි
පෙම්බැන්දා එ සඳට මුලු හදින් මම
දහවල ගෙවි රැය එලබෙන තුරැ
පෙරැම් පිරැවා නුඹ දකින්නට
පායන විට නුඹ මගේ හිත් අහසේ
මගෙයි හැගුනා මොහොතකට මට
අහිමි බව යාථාර්තයක් වන විට
නුඹ දෙස බලා සැනහෙන්නම් මම
සඳ අයිති අහසට වුව
හිත් අහසේ මගේ සඳ ඔබ
0 comments:
Post a Comment